අපි ගැන

බෙදීමක් මැදින් ගනු ලබන ආරම්භයක්


මෙය නව වෙබ් සඟරාවක් ආරම්භ කිරීමක් පමණක් නොවේය. මෙය ශ්‍රී ලංකාවේ සාහිත්‍ය හා සංස්කෘතික භූමියේදී මෙතෙක් කල් දැකිය නොහැකි වූ, සංවාදයන් සදහා, සංසුන්ව ඇහුම්කන් දීම් උදෙසා බෙහෙවින් අත්‍යවශ්‍ය වූ අවකාශයක විවෘත කිරීමකි. මෙම විද්‍යුත් සඟරාව, දිවයින පුරා විවිධ භාෂාවලින් රචනයේ යෙදෙන ලියුම්කරුවන්ගේ සහ කලාකරුවන්ගේ කතා එකට එකතු කරමින්,  සාහිතත්‍ය සහ වසර ගණනාවක් මුළුල්ලේ එකිනෙකා අතරේ කියවා ගත නොහැකි වූ කතා, ලිපි සහ හැගීම් පිළිබද ගොඩනැගෙනා වු පාලමකි.

ඊළම පිළිබද ලියැවුන කතාවන් තුළ තිබුණා වූ වේදනාව, ද්‍රෝහිත්වය, පලායාම් සහ ගැළවීම් යනාදි සියල්ල ගැන බොහෝවිට ලියවී ඇත්තේ දෙමළ භාෂාවෙන් පමණි. ඇතැම් ඒවා කලාතුරකින් ඉංග්‍රිසි භාෂාවෙන් ලියැවී තිබුණි. ඒ නිසාවෙන් මේ පිළිබදව ලියවුන දෑ සෘජුව සිංහල ජනතාවට කියවීමට හැකියාවක් නොලැබුණි.
නමුත් මෙම දිවයින දෙකඩව කරමින් ගලා ගිය එම යුද්ධයේ බලපෑම එක් ජන කණ්ඩායමකට පමණක් සීමා වුවක් නොවේ. එහි අදුරු මතකයන් මෙරටේ සෑම පළතකම, සෑම පවුලක් අතරේම, අවිඥානිකව තැම්පත්ව තිබේ. එබැවින් මේ දෙපාර්ශවයේම එම සිත් තුළ ඇති වූ තුවාල සුව කිරීමට, ඒවා තේරුම් ගැනීමට හැකියාවක් ඇත්තේ මේ සම්බන්ධයෙන් කෙරෙන්නාවු අවංක තිරාසාර මැදිහත් විමකට පමණි. 
පරිවර්තනය යනු භාෂාවක් පමණක්ම නොව එය ආචාරධර්මයක්ද වේ, යන්න පිළිබදව අවබෝධයක් සැපයීම මෙම සඟරාවේ පදනමයි. පරිවර්තනය යනු කියවීමම පමණක් නොවේ. එය තමා කියවන දේ පිළිබදව සාක්ෂියක් දැරීමට අනෙකාට කරනු ලබන ආරාධනාවක්ද වෙයි. 

මෙහි පළවෙන ලිපි අතර දෙමළ කවීන්ගේ මතකයන්ද තිබේ. ඒ අතර අමතකරන ලද මතක, කලාත්මක ප්‍රතිවිරෝධයන් සහ විචාර ලිපි යනාදියද වෙයි. එලෙසින් මෙවැනි දෑ මෙහි අන්තර්ගත වන්නේ ඒවැනි දෑ ඔබට කියවීමට පමණක්ම නොවේයි. ඒවා තුළින් අප ඔබට ආරාධානා කරන්නේ තව තවත් ඒ පිළිබදව හැදෑරීමකට ලක් කර දුරටත් ඒ පිළිබදව මනා අවබෝධයක් ඔබට ලබා ගන්නා ලෙසයි. එමෙන්ම මෙය, යුක්තිය යනු එක් පාර්ශවයක ඉල්ලීමක් පමණක්ම නොවේය යන්න තේරුම් ගන්නා වූ සිංහල සහෝදරයින්ට සහ වඩා යහපත් සමාජයක් තැනීම වෙනුවෙන් සෘජුව මැදිහත් වන නිහතමානි සිංහල කලාකරුවන් හට මහගු වේදීකාවක්ද වනු ඇතැයි යන්න අපේ බලාපොරොත්තුව වෙයි.

මෙම කර්තව්‍යය ලෙහෙසි පහසු එකක් නොවන බැව් පැහැදිලිය. එසේම මෙය කර්තව්‍ය එක් පාර්ශවයක් උදෙසාම පමණක් වෙන්කර තැනු වේදිකාවක්ද නොවන බව පැවසිය යුතුමය. මෙය සිංහලයෙන් ස්වාධීනව සිතන පතන, සාහිත්‍යය නිර්මාණයන්හි නියැලෙන ලේඛකයින්ට, පරිවර්තකයින්ට සේම සකලවිධ සිංහල පාඨකයින්ගේද ආත්මය විදහා දැක්වෙන වේදිකාවකි. එසේම දිගු කාලයක් මුළුල්ලේ අප  සියල්ලෝ තුළම පැවති දැඩි නිශ්ශබ්දතාවය තුළින් මතු වු හඩක් ලෙසින්ද හදුන්වා දිය හැකිය.

අපි මෙතැනින් ආරම්භ කරමු.

සම්පාදකයා

කදිර්

Go toTop