
අත්තටු නඟා සූරිය ගිර නැග්ගාම
චෙම්මිනි කඳුළු විල ඇත්තේ අත ගාව
විල් තෙර සරන දෙබරුනි කිම මඳහාස
චුන්ඩිකුලී නෙළුම සිහිනෙන් දුටුවාද
තුවක්කුවත් මල් පුදින ඉසව්වේ
විලක්කුවක් කවුරු ද ඇවුලුවෙව්වේ
සාක්කියක්වත් නැති පළහිලව්වේ
තවත් විලක් පමණ ද මේ, කොදෙව්වේ
සීතල අතින් අත පිරිමැද බැලුවාම
දෑතම උණුහුමක පැටලෙයි පෙර සේම
සූරිය ගිරි මතක යලි වල දැමුවාම
දෑසට සැනසුම ද සැනසිල්ල ද කෝම
චෙම්මිනි විල් අරා මල්වල කොපුල් පුරා
ඇල්මෙනි පුන්සරා ඉහිරන කැලුම් උරා
කැල්මෙනි සුන්දරා විහිදෙන සුසුම් යුරා
අම්මෙනි පෙම්බරා සුවඳ ද අනුත්තරා
-2010
Discover more from සාක්ෂිය
Subscribe to get the latest posts sent to your email.

Follow Us