July 4, 2025

එන්.පී.පී. ආණ්ඩුව චෙම්මනියට වග කියාවිද?

නිලාන්දන්

මෙම මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ උසස් නිලධාරියෙකු ලංකාවට පැමිණියේය. එලෙස පැමිණියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයායි. එම අවස්ථාව සඳහා වහාම ක්‍රියාත්මක වූ දෙමළ සමාජ ක්‍රියාකාරික කණ්ඩායම් විසින් විවිධ වැඩකටයුතු  සැලසුම් සකස් කර තිබුණි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව තහවුරු වීමත් සමඟම, පසුගිය මස 22 වන දින, දෙමළ පුරවැසි සංවිධාන 35කට ආසන්න සංඛ්‍යාවක් එක්ව ඔහුට ලිපියක් යොමු කර තිබුණි. මෙම ලිපියට ප්‍රතිචාරයක් ලෙස, එක්සත් ජාතීන්ගේ නිලධාරීන් සහ දෙමළ පුරවැසි සංවිධාන අතර අන්තර්ජාල හමුවක්ද සංවිධානය විය.

එහිදී, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් ශ්‍රී ලංකාවට පැමිණිය යුතු නැතැයි යන්න දෙමළ සංවිධානවල ඉල්ලීමක්  ඉදිරිපත් විය. ඒ සඳහා එම සංවිධාන ඉදිරිපත් කළ අදහස වුයේ, වත්මන් ජාතික ජන බලවේග  ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කොමිසමේ  යෝජනා පිළිගන්නේ නැති බවයි. ඒ වෙනුවට  ආණ්ඩුව තුළ විශේෂ නිල බලයක්  ඇති නායකයින් විසින් “ස්වදේශීය විමර්ශනයක් පමණක් යෝග්‍ය වේ” යන්න ප්‍රකාශ කර ඇත.

එසේම, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්  කාර්යාලය තුළ වසර 4කට අධික කාලයක සිට පවතින සාක්ෂි රැස් කිරීමේ යාන්ත්‍රණයට  මෙරට ආණ්ඩුව කිසිදු සහයෝගය ලබා දී නැත. එසේම එම සංවිධානයට අයත් නිලධාරීන්ට මෙරටට පිවිසීමට මෙතෙක් වීසා ලබාදී ද නොමැත. මෙවැනි පසුබැසීමක් තුළ, ජාත්‍යන්තර මානව හිමිකම් කොමසාරිස්වරයා මෙරටට පැමිණීම, වත්මන් ආණ්ඩුවට විශේෂ පදනම් සහිත අනුමත දීමක්  ලෙස එනම් ආණ්ඩුවේ තීරණ පිළිගැනීමක් ලෙස සැලකිය හැකි බව දෙමළ සමාජ ක්‍රියාකාරී සංවිධාන පෙන්වා දුණි.



එහෙත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ආයතනය පැවසුවේ  – කිසිදු ආණ්ඩුවක් ජාත්‍යන්තරයෙන් පිටත තබා නොතැබිය යුතු බවයි. එවැනි ආණ්ඩුවක් සමඟ සමීපව සිටීම මගින් ඒකීය තීරණවලට බලපෑම් කිරීමට හැකි බවත්, එම ආණ්ඩුව ජාත්‍යන්තර අධීක්ෂණ පරිධිය තුළට ගෙන ඒමට එමගින්  උත්සාහ දරන බවක් ද පෙනේ. වර්තමානයේ රාජ්‍ය බලයේ සිටින ජාතික ජන බලවේග ආණ්ඩුව මෙම  වාර්ගික ගැටලුව සම්බන්ධයෙන් වගකීම් සහගත පාර්ශවයක් බවට පත් කිරීමට දරන උත්සාහයක් ලෙස දක්නට තිබුණද එහි පිටුපස ගෝලීය රාජතාන්ත්‍රික උපක්‍රමද පවතී. මෙම ලිපිය කිවීමට දින කිහිපයකට පෙර ජේවීපී පක්ෂයේ තීරණ ගැනීමේ බලයක් හිමි ටිල්වින් සිල්වා චීනයට සංචාරයකට ගොස් තිබුණි. එබැවින් චීනයේ  බලය යටතේ පවතින ආණ්ඩුවක්  හැකි තරමින් බටහිර පරිධිය තුළ තබා ගැනීම උදෙසා බටහිර අධිරාජ්‍ය සබඳතා ඇති කරමින් සිටී.

එම නිසා, ජාත්‍යන්තර මානව හිමිකම් කොමසාරිස්වරුන් මෙරටට පැමිණීමේ පසුබිම යම් රාජ්‍යතාන්ත්‍රික අරමුණකින් යුක්ත බව පැහැදිළිව කියවා ගත යුත්තකි. එහෙත්, දෙමළ සංවිධානවල ඉල්ලීම තවමත් පිළිගෙන නොමැත. කෙසේ නමුත්, කොමසාරිස්තුමා  මෙරටට පැමිණෙන විට ඔහු යාපනයේ පිහිටි செம்மணி (චෙම්මනි) සමූහ මිනී වල පරීක්ෂා කිරීමට යාමට එකඟ වී තිබුණි.   මෙම සංචාරය සමඟම දෙමළ සමාජ ක්‍රියාකාරීන් සහ සමාජ ක්‍රියාකාරී සංවිධාන දෘශ්‍යමාන විරෝධතා සැලසුම් කරමින් සිටියේය. කොමසාරිස්වරයා චෙම්මනියට පැමිණීම මඟින් එම ස්ථානයේ සිදුව ඇති අපරාධ පිළිබඳ ජාත්‍යන්තර අවධානය වැඩි වශයෙන් ලැබෙනු ඇති බව විශ්වාසය විය.  

කෙසේ නමුත්, එය වත්මන් ජාතික ජන බලවේග  ආණ්ඩුවට යම් පීඩනයක් ලෙස පත්වන්නේ කවද්දැයි පැවසීම දුෂ්කරය.මේ ආණ්ඩුව පසුබැසුණු දේශපාලනික ව්‍යාපාරික ඉතිහාසයකින් උරුමකරගත් එකක් වන අතර, සන්නද්ධ අරගලයන්හි දෙවරක් නිරත වෙමින් පරාජයට පත්ව, එම නිසාම විරෝධතා සහ තහනම් කිරීම්වලට පත්වී නැවත නැගී සිටි දේශපාලන ව්‍යාපාරයකි. එහිදී ඝාතනයට ලක්වුවන්ගේ ප්‍රමාණය දහස් ගණනක් වේ. කෙසේනමුත් දෙවැනි සන්නද්ධ අරගලයේ දී , අතුරුදන් කරවූ මිනිසුන්ගේ ප්‍රමාණය 12,000 ක් පමණ වන බව නිල දත්ත මගින් හෙළි වී ඇත. එහෙත් නිලනොලත් සංඛ්‍යා දත්ත එම ප්‍රමාණය ලක්ෂ එකහමාරක් පමණ වන බව පවසයි. මෙලෙස ඔවුන්ගේ ම  අතුරුදන් වූ සහෝදර සහෝදරියන්ගේ යුක්තිය  වෙනුවෙන් ජේවීපී සංවිධානය මෙතෙක් ගත් උත්සාහයන් කුමක්ද? මෙම ප්‍රශ්නයට පිළිතුරු සොයන විට, දැනට අවුරුදු හයකට පමණ පෙර වවූනියාවේ පැවති සමුළුවකදී (විදේශීය තානාපති කාර්යාලයක ආධාරය ඇති සමුළුවක්)  පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පැමිණි  මහාචාර්ය ජයලත් සඳහන් කළේ, “ලංකාවේ දකුණේ  අතුරුදන්වූ පිරිස පිළිබඳ කතාව අමතක වුණු කතාවකි” යන්නෙනි. ඔහු පවසනාකාරයෙන්, කවුද ඒ ඉතිහාසය අමතක කළේ? නැතිනම් ඒ වෙනුවෙන්…ඒ යුක්තිය වෙනුවෙන් සටන් කළ යුත්තෝ එය අමතක කර දමා ඇත. ඇයි? ඒ වෙනුවෙන් ඔහුන් ප්‍රශ්න නොකරන්නේ?



පිළිතුර ඉතා සරලය.  එහෙත් එය උග්‍රය. ඔවුන් ඒ යුක්තිය ඉලා සිටින්නේ  නැත.  එලෙස විමර්ශනයක්  කළහොත්, ඔවුන්ම ආරක්ෂා කරන රණ විරුවන්ට එරෙහිව ඔවුන්ට පියවර ගත යුතු වේ. කුමක්දයත්, ජේවීපී පක්ෂය අවසන් යුද්ධ කාලයේ දී රණ විරුවන්ට පක්ෂව ඔවුන්ගේ දේශපාලන බලය භාවිතා කළේය. ඔවුන්ද එහි කොටස්කරුවෝය. එහෙයින් ඔවුන්ට ඔවුන්ගේ අතුරුදන් වුවන් වෙනුවෙන් යුක්තිය ඉලා සටන් කල නොහැකිය.  මෙය තවත් දැඩිව පවසන්නේ නම්, දෙමල ජනයාට එරෙහි ජේවීපී ජාතිවාදී ප්‍රවේශය හේතුවෙන් ඔවුන්ට එලස තීරණය ගත යුතුව ඇත. තමන්ගේ සහෝදරවරුන් වෙනුවෙන් වන යුක්තියට වඩා දෙමල ජනයාව ජයග්‍රහණය කිරීම වැදගත් බව ඔවුන් විශ්වාස කළේය. දෙමල ජනයාව ජයග්‍රණය කල රණ විරුවන් දඬුවම් ලැබිය යුතු නැති බව ඔවුන් විශ්වාස කළේය.  මෙවන් තත්වයක් යටතේ, කොමසාරිස්වරයා චෙම්මනියට පැමිණීමෙන් වත්මන් ආණ්ඩුවේ ස්ථාවරය වෙනස් වනු ඇතැයි අපේක්ෂා කළ නොහැක. ඒ නිසාම පසුගියදා ජිනීවාහි පැවති එක්සත් ජාතීන්ගේ මනුෂ්‍ය හිමිකම් මණ්ඩලයේ සැසිවාරයට එක්වුණු නව විදේශ කටයුතු ඇමති විජිත හේරත්, එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර යුක්තිය නමැති ක්‍රමවේදය ඔවුන්  පිළිගන්නේ නැත යැයි  කියා නිල වශයෙන් ප්‍රකාශයක් කළේය.

ඔහු එසේ ප්‍රකාශ කිරීමට පෙර, ජනාධිපතිවරණය අතරතුරදී, අනුර කුමාර දිසානායක Associated Press වෙත ලබාදුන් පුවත්පතකට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී මෙසේ පැවසීය: “පීඩාවට ලක් වූ ජනතාව සත්‍යය දැනගන්න කැමතියි – නමුත් අපරාධය සිදු කළ අය දඩුවම් ලබන්න ඕනේ කියලා ඔවුන් කියන්නේ නැහැ” ඔහු ඔහුගේ ප්‍රකාශය වුයේ මෙයයි. එනම් පීඩාවට ලක්වුණු ජනතාව, ඔවුන්ට අසාධාරණය කළ අයට  දඩුවම් දිය  යුතු නැත යැයි  ඔහුට පවසා තිබුනේද?
ඇත්තෙන්ම, උතුරු සහ නැගෙනහිර  අතුරුදන්වූවන් වෙනුවෙන් සටන් කරන එකම මවක් වුවද මෙවැනි දෙයක් පවසා තිබේද? දෙමළ ජනතාව නියෝජනය කරන කිසියම් පක්ෂයක් වුවද මෙවැනි ප්‍රකාශයක් කලේද? නමුත් ජනාධිපති (එවකට ජනාධිපති අපේක්ෂකයෙකු වූ) අනුර කුමාර මෙසේ ප්‍රකාශ කර තිබුණි. එසේනම්, සත්‍යය දැනගන්න අවශ්‍ය යැයි පවසන්නේ ඇයි?

සංක්‍රාන්ති යුක්තියක් තුළ සත්‍යය සෙවීම යනු  අපරාධ කළ අය හඳුනා ගැනීමයි. අපරාධ සිදු වූ පසුබිම, මනෝ විද්‍යාත්මක හැඟීම්, තීරණ ආදිය  විමර්ශනය කිරීමයි. එම පදනම මත අපරාධකරුවන් විමර්ශනය කර, ඔවුන්ට දඩුවම් ලබාදීමයි. එමඟින් එවැනි අපරාධ නැවත සිදුවීම වලක්වනු ඇත.

“අපරාධයක් කළත්, එයින් ලේසියෙන් පලා යා හැකිය” යන සංස්කෘතිය වෙනස් විය යුතුය. එවැනි පුරුදු වෙනස් කර – අපරාධකරුවන් වගකීමකට යටත් කළ යුතුය. එබැවින්, සත්‍යය සෙවීම යනු වගකීම් පැනවීමයි. නමුත් ජනපති අනුර කුමාර පවසන්නේ – පීඩාවට ලක්වූ ජනතාව, අපරාධකරුවන්ට දඩුවම් අවශ්‍ය නෑ කියා පැවසු බවයි. අදත් ඔහු එම මතයම තහවුරු කරන්නේද? එසේනම්, වර්තමාන ආණ්ඩුව අතුරුදන්වූවන්ට යුක්තිය ලබාදීමට සූදානම් නැත. තමන්ගේම අතුරුදන්වූ සගයන් අමතක කිරීමට සූදානම් වූ ව්‍යාපාරයක් – දෙමළ ජනතාව වෙනුවෙන් යුක්තිය ලබාදේවි යැයි කියා අප බලාපොරොත්තු වන්නේ කෙලෙසද?

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා චෙම්මනියට  පැමිණීමෙන් මේ ආණ්ඩුවේ ස්ථාවරය වෙනස් වේ යැයි කියා  එහෙයින් අප බලාපොරොත්තු වන්නේ කෙසේද?

නිලාන්දන්
+ posts

කවියෙක් සහ ග්‍රන්ථ කතුවරයෙකි. කාව්‍ය චිත්‍ර කලාව නාට්‍ය විචාර සහ දේශපාලන ලිපි වැනි බහු අංශවල ක්‍රියාශීලීව වැඩ කටයුතු කරයි. ඔහු මන්පට්ටිනම්, වන්මාමියම්, යාපනය මෑ.. ඕ... යාපනය මෑ, සහ යුග පුරාණම් වැනි කෘති රචනා කර ඇත. ඔහුගේ කවි සිංහලෙන්ද පළ වී තිබේ


Discover more from සාක්ෂිය

Subscribe to get the latest posts sent to your email.

Follow Us

Archives

Go toTop